සරසවියෙන් පොලිටික්ස් ඉවතට?

Posted on 2012 මාර්තු 4

6


දේශපාලනය එහෙමත් නැත්නම් පොලිටික්ස් කියන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්වයෙක් හැටියට මේ දේශපාලනය කියන දේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. ඒත් හුගාක් අය හිතන්නේ මේ පොලිටික්ස් කියන්නේ ඉතාමත් භයානක දෙයක් බවයි, විශේෂයෙන්ම ලංකාවේ හුගාක් දෙනෙක් පොලිටික්ස් දිහා බලන්නේ ඉතාමත් අප්‍රිය ජනයක දෙයක් දිහා බලනවා වගේ.

කාලෙකට ඉහත විතරක් නෙමේ තාමත් කියන්නේ ලංකාවේ හැම දේකම තියෙන්නේ පොලිටික්ස් කියලා. එහෙම බලද්දි පොලිටික්ස් කියන්නේ අපේ ජීවිතේට සමීප, අවශ්‍යයයම දෙයක් කියලා තමා බූඩිට හිතෙන්නේ.

කොහොමහරි මේ ලිපියෙන් කියන්නේ හදන්නේ, හැමෝම මාතෘකාවක් කර ගත්ත කැම්පස්(විශ්ව විද්‍යයයාල) ගැනයි. හුගාක් අය හිතන්නේ කැම්පස් වල ඉගෙන්න ගන්න අයට හෝ උගන්වන අයට දේශපාලනය අදාල වෙලා තමා මේ ඔක්කොම ප්‍රශ්න කියලා. බූඩි ඒ ගැන නෙමේ කතා කරන්න යන්නේ ඒක ඇත්තද නැද්ද වෙනමම මාතෘකාවක්. නමුත් අනිත් හැමෝටම අයිති දේශපාලනයේ නියැලෙන්න තියෙන අයුතිය මේ කැම්පස් වල ඉන්න අයටත් තියෙනවා.

උදාහරණයක් වශයෙන් තමන් අනුගමනය කරන දේශපාලන දැක්මක් එහෙමත් නැතිනම් ආශ කරන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඉතින් ඒක කාටත් පොදු දෙයක් වගේම කැම්පස්වල ඉගෙන ගන්න අයටත් පොදු දෙයක්, අයිතියක්.

එහෙම වෙද්දි ඇයි සමහරු මේ ගැන අකමැත්තෙන් කතා කරන්නේ. පුද්ගලිකව දරන දේශපාලනික මතය කැම්පස් ඇතුලේ ක්‍රියාවට පෙරලන්න උත්සහා නොකිරීමත්, අනුන් දරන මත ඉවසීමත් නොමැතිවීම තමා මේ ප්‍රශ්නයට මුල්වන්නේ. නැතිව දේශපාලනය කියන එකේ වැරැද්දක් නිසා නෙමේ.

ඉතින් මෙවැනි හික්මීමක් ඇත්නම් තමන් මොන දේශපාලන මත දැරුවත්, අනෙකුත් අයවලුන් කුමන මත දැරුවත් එය එතරම් ප්‍රශ්නයක් නොවෙන්නේ පුලුවන්. සෑම දේටම වෙලාවක් තැනක් තියෙනවා වගේ දේශපාලනේ කරන්නත් තැනක් තියෙනවා. ඒ පන්සලවත්, පාසලවත්, වැඩකරන තැනවත්, කැම්පස් එකවත් නෙමේ. අද වෙලා තියෙන්නේ මේ හැම දේම පටලවාගෙන දගලන එකයි.

දේශපාලනය කියන්නෙත් හරිම සුන්දර දෙයක් හැබැයි ඒක සුන්දර වෙන්නේ හික්මීමක් ඇති බුද්ධිමත්(උගත් බව නොවේ) ජන කොටසක් සමග පමණයි. එනිසා ඇත්තෙන්ම සරසවි තුල දේශපාලනය අවශ්‍යයය වන්නේ නෑ. නමුත් සරසවි සිසුවාට බුද්ධිමත් දේශපාලනයක නියැලෙන්න තහංචියක් අවශ්‍යයය වන්නේත් නෑ. හැබැයි ඒ සදහා වූ නියමිත ස්තානයේදියි. එම ස්ථානය කුමක්දැයි වටහා ගැනීමට තමා බුද්ධිය ඉවහල් වන්නේ.