සිහින කෙලි පොඩ්ඩ – බූඩිගේ විෂ්ලිස්ට් එක

හප්පා මේ දවස් වල අපේ බ්ලොග් අවකාශයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමා මේ බදින්න ඉන්න කෙනා, බැදපු කෙනා ඉන්න/ වෙන්න ඕනේ කොහොමද කියලා දිගට හරහට පෝස්ට් දාන එක. පොඩ්ඩි ගෙයි, මාතලන්ගෙයි, කතන්දරගෙයි කතා ටික අහම්බෙන් කියෝපු බූඩිත් හිතුවා බදින්න කෙනෙක් හොයාගන්න නිකන් ඉන්න එකේ පෝස්ට් එකක් දාන්න කියලා. කතන්දර “විෂ්ලිස්ට්” කියද්දි මතක් වුනේ Drupal පරිවර්ථන වලදි ඕකට දාන්න නමක් හදපු එක, අන්තිමේ “බලාපොරොත්තු ලැයිස්තුව” කියලා තමා දැම්මේ, හරිය!

ඉතින් දැන් බූඩිගේ “බලාපොරොත්තු ලැයිස්තුව” දාන්න යන්නේ, ලගින් හරි යනවනම් කේන්දර කොපියක් එවන්න අමතක කරන්න එපා !

  • බල්ලො ඇලජික් වෙන්න බෑ, බල්ලන්ට ආදරේ වෙන්න ඕනේ !
  • ටොප් ක්ලාස් සම්බෝල හදන්න පුලුවන් වෙන්න ඕනේ !
  • ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන්න බෑ !
  • කරන්න ආසම නැතිවැඩේ කම්පුටර් එකක් භාවිතා කිරීම වෙන්න ඕනේ !
  • බයික් එකක් පාවිච්චි කරනවට විරුද්ධ වෙන්න බෑ !
  • රෑ 10:30 නිදාගෙන, පාන්දර 4:30 ට නැගිටින්න පුලුවන් වෙන්න ඕනේ !
  • බූඩිට වැඩ ගොඩ ගැහිලානම් ඒවා ඉවර කරල එනකම් ලගට වෙලා පුරු පුරු ගාන්න බෑ !
  • දවස පුරාවටම කෝල් කලේ නැතිනම් වලි දාගන්න බෑ !
  • යාලුවො හම්බවෙන්න යද්දි උදැල්ල දාන්න බෑ !
  • විශේෂයෙන්ම යාලුවෝ එක්ක ට්‍රිප් එකක්/ සෙට් වෙන්න යද්දි අරක බොන්න එපා මේක බොන්න එපා කියන්න බෑ !
  • පාටි එකකට ගිහින් අරක බොන්න එපා මේක බොන්න එපා / කෙල්ලො දිහා බලන්න එපා / කෙල්ලො එක්ක නටන්න එපා කියන්න බෑ !
  • තැනකට කන්න ගියොත් “අනේ මට බඩගිනි නෑ” කියන්න බෑ !
  • බූඩිගේ ෆෝන් එක අල්ලනවත් බෑ (විශේෂයෙන් SMS බලන්න බෑ) !
  • බූඩිගේ කිසිම මුරපදයක් ඉල්ලන්න බෑ !
  • පඩිය ජොයින්ට එකවුන්ට එකට දාන්නම් හැබැයි සල්ලි ගද්දි අවසර ගන්න නම් බෑ !
  • රෙදි බූඩිම හෝද ගන්නම්/ මැද ගන්නම්, හැබැයි කිලුටුයි/ පොඩි වෙලා අරකයි මේකයි කියන්න බෑ !
  • නිදා ගද්දි තුරුල් කරගන්න දෙන්න ඕනේ, රස්නෙයි කියන්න බෑ !
  • බූඩිගේ ක්‍රෙඩිට්කාඩ් එකේ සප්ලිමෙන්ට්‍රි එකක් ඉල්ලන්න බෑ (බැරිම තැන නම් පොඩි ලිමිට් එකකට දෙන්න ඉඩ පුලුවන්) !
  • ඇදුම් ගන්න ගියාම “අනේ මේක ගණන් වැඩියි අනේ” කියන්න බෑ !
  • සතියකට/ කෙටි කාලිනව රට යනවනම් රෝමින් දාගන්න කියන්න බෑ !
  • කාර් එකක් ඩ්‍රයිව් කරන්න පුලුවන් වෙන්න ඕනේ !
  • මාසෙකට සැරයක්වත් “බිග් ෆයිට්” එකක් කරන්න පුලුවන් වෙන්න ඕනේ !
  • බූඩි වැරදි වැඩක් කරද්දි පුපුරන්න පුලුවන් වෙන්න ඕනේ !
  • බූඩිත් එක්ක තොතොල් (හුරතල්) වෙන්න පුලුවන් වෙන්න ඕනේ !
  • බූඩි දෙන ඕන තෑග්ගක් “අනේ ෂෝයි!!” කියලා බාර ගන්න ඕනේ !

අපෝ දන්නෙම නැතිව මේක දික් වෙච්ච හැටි, මෙතනින් නවත්තන්න හිතුවා ඒක නිසා ! මොනවා හරි අමතක උනාද දන්නෑ !!

Advertisements

16 comments

  1. බුදු අම්මෝ ලිස්ට් එකේ දිග….
    මේ කපේදි ගෑණු ළමයෙක් හොයා ගන්න බැරි වේවි…
    ඉස්සර අපිත් ඔය වගේ “පරිපූර්ණ” ගෑණු ළමයි බල බල හිටියා… සුදු වෙන්න ඕන.. කොණ්ඩෙ දිග වෙන්න ඕන.. සල්ලි ටිකක් තියෙන්න ඕන ආදී වශයෙන්
    අන්තිමට බැරිම තැන අහු වෙච්ච හොඳයි කියලා හිතිච්ච එකක් (අර මුල කරුණු දෙක නැති වුනත්) කසාද බැඳ ගත්තා…
    එච්චරම අවුලක් නෑ…. අඩු ගානෙ සල්ලි හරි තියෙනවා නේ….
    වැඩේ නැගලා යනවා…. අපියි කියලා ඒ තරම්ම පරිපූර්ණ නැහැ නේ…
    යකාගෙ හැටියට නෙ විමානෙ…

  2. ඔය ලිස්ට් එක ඔහොම්මම වෙන්න ඕනෙ නං ආයෙ කෙල්ලො මොටෝ. ඉඳිංකො බං තනියම. එහෙම නැත්න බැඳගං මැටි ගෑණියෙක් [අර ගාඩ්න් ලස්සන කරන්න තියෙන්නෙ. සිමෙන්ති උනත් අවුලක් නෑ] 😀

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w