පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය !

Posted on 2012 මැයි 7

12


කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා.

කොහොම හරි මේ කියන්න යන්නේ ලගදි වෙච්ච විශේෂ සිදුවීම දෙකක් ගැන.

පලවෙනියෙන්ම එන්නේ පිරිත් ගෙයක්. රෑ ඉදලා එලි වෙනකම්ම මේ පිරිත් ගෙදරට වෙලා බූඩි හිටියා. පින්නේ තෙමි තෙමී, අග්ගලා කකා කොත්තමල්ලි/ කෝපි බිබී කාත් එක්ක හරි බොරු ටිකක් කිය කිය පිරිත් ගෙදරක ඉන්න එක මාරම මාර අත්දැකීමක්. බූඩි පිරිත් ගෙවල් වලට ගිහින් තියෙන්නේ අතේ තියෙන ඇගිලි ගානටත් අඩුවෙන්, මතක විදිහට ඉවර වෙන කම්ම ඉදලා තියෙන්නේ මේකේ විතරයි. ගෙට ගෙවීදීමකට සූදානම් කරපු එකක්. හාමුදුරුවෝ ශබ්ධ පාලනය හරි අපූරුවට කර කර මාරුවෙන් මාරුවට පිරිත් කියන එක නම් අහන් ඉන්න ආසයි. ආයෙත් පිරිත් ගේකට අරාධනා කෙරුවොත් බූඩි ඇති එතන.

ඊලගට එන්නේ තවත් අපූරු දෙයක්, ඒ තමා බූඩිට ලගදි හම්බුනා රබර් වත්තක හවස් වරුවක්ම ගත කරන්න චාන්ස් එකක්. බූඩි ඉන්න පැත්තේ රබර වත්තක් බේතකටවත් හොයාගන්න නෑ. ඔය රබර් වතු හරිම අපූරුයි. වෙන මොකක් හින්දාවත් නෙමේ, එකේ තියෙන මූසල කමට. නවකතා ගොඩක්, පිටු ගනන් විස්තරකරන මේ රබර් වතුවල තියෙන මූසල කම බූඩිට අත්දකින්න හම්බෙච්ච උනා. රබර් වත්තේ එක ලග තියෙන ගස් නිසා රබර් වත්තේ උඩ වියනක් වගේ රබර් අතු වලින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා දවල්ටත් තියෙන්නේ අන්ධකාරයක්. කොටින්ම හවස 4, 5 වෙද්දි කලුවර වෙනවා. ඒ වගේ වෙලාවක ලොකු රබර් වත්තක (බලන බලන අත රබර් ගස් විතරයි) තියෙන මූසලකම/ බය හිතෙන කම නම් විස්තර කරන්න බැරි තරම්. රබර් ගස් වදුල නිසා බිම තනකොල  නැහැ. රබර් කොල වටිලා බිම් ඇතිරිල්ලක් වගේ. සුලගට වැනෙන රබර් අතු/ කොල වල සිරි සිරි සද්දේ හරියට නිකන් මොනවදේ හයියෙන් කියාගන්න බැරිව මුමුණනවා වගේ. මේ රබර් වතුවල අභිරහස් තියෙනවා කියලා එක එක නවකතා පොත්වල තියෙනවා. ඒවා දැක්ක මේ රබර් ගස් ඒවා කියාගන්න බැරිව සුසුම් හෙලන සද්දේ හරිම බියකරුයි.

දර්ශනය slrubberindustry.com වෙතින්

දර්ශනය slrubberindustry.com වෙතින්

හිටපු ගමන් ඈතින් කොල පොඩි වෙන සරස් හඩක් ආවත් කවුරුත් නෑ. මොකක් හරි සතෙක් වෙන්න ඇති කියලා කිව්වත්. ඇත්තටම ඒ සතෙක්ද, තමන්ට වෙච්ච අසාධාරනේ ට පලිගන්න එන ආත්මයක්ද?

ඊස්සර කියෝපු නවකතාවක බුඩිට මතකයි රබර් වත්තක් මැද මරා දාපු කෙල්ලෙක් ගැන. රබර් වතු මැදි වැටිලා තියෙන පාරක අරක් අරගෙන ගොම්මන් වෙලාවට යන එන මිනිස්සුන්ගෙන් පලි ගන්න හොල්මනක් ගැන. මයිල් කෙලින් වෙනවා මෙව්වා ඔලුවට ආවම.  ගොම්මන් වෙලාවට රබර් වත්තක ඉන්න එක අන්න ඒ වගේ. සුන්දරත්වයට වඩා බියකරුයි. හැබැයි ඒ බියකරු බව අපි අර එක එක නව කතා කියෝපු හින්දද? ඒ ප්‍රශ්නය තාමත් බූඩිගේ හිතේ තියෙන උත්තරක් නැති එකක්.

ඔන්න ඔහොමයි මේ ටිකේ කාලේ ගෙවුනේ. තව දේවල් ටිකක් අරන් ඉක්මනට එනකම් ඔයාලා රබර් වතුවල ගත්තු අත්දැකීම් බෙදා හදා ගන්න අමතක කරන්න එපා !!