තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ?

30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙපමණ හෝ තරමින් ගැට ගසා ගැනීමට හැකි වීම ගැන අප සතුටු විය යුතුය. මේ පිලිබද පසුවට තබා අද බූඩිගේ ලිපිය වෙන්වෙන්නේ තිලිණි ජයසිංහ වෙනුවෙනි.

2008 බීජිං ඔලිම්පික් උලෙල ප්‍රථම වතාවට නියෝජනය කල තිලිණි මෙවරත් ඔලිම්පික් උලෙල නියෝජනය සදහා අවසාන මොහොතේ වරම් ලබා ගත්තේ දෝෂාරෝපණයන්ට භාජනය වෙමින්. ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ?

pic 1

ජාතික කුසලතාවයන් කේවල කාන්තා අංශයෙන් මුලින් සලකා බැලුවහොත් තිලිණි 2004 ජාතික ශූරතාවය දිනාගෙන තිබෙනවා. මෑත ඉතිහාසය සලකා බැලුවහොත් 2009, 2010, 2011 යන වසර වල ජාතික ශූරතාව පිට පිටම 3 (තුන්) වතාවක් ලබා ගෙන තිබෙන්නේ අචිනි රත්නසිරි ක්‍රීඩිකාවයි. ඊට අමතරව චන්ද්‍රිකා ද සිල්වා ක්‍රීඩිකාව 2008, 2007, 2006, 2005 හා 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 ලෙස 11 වතාවක් ජාතික ශූරිය වී තිබෙනවා. එනයින් ගත් කල මෙවර ඔලිම්පික් නියෝජනය හිමිවිය යුත්තේ අචිනි රත්නසිරිට බව පැහැදිලියි. මක් නිසාද යත් ලංකාව තුල ජාතික ශූරිය ඇය වන නිසා, එමගින් හැගී යන්නේ ඇයගේ දක්ෂතාව අනෙකුත් ක්‍රීඩිකාවන්ට වඩා ඉහල බවය.

ඉහත සදහන් කල දක්ෂතා අයිති වන්නේ ජාතික මට්ටමටය, නමුත් අන්තර්ජාතික තරගද ඇත. මෙම ජාතික මට්ටමේ තරග අන්තර්ජාතිකව අදාල වන්නේ නැත. මේවන තෙක්ම අන්තර්ජාතික තරග සදහා ක්‍රීඩිකාවන් හෝ ක්‍රීඩකයන් සහභාගිවන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින් මිස ඔවුන් සදහා වන වියදම් රජය හෝ ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් නොදරයි.

ඔලිම්පික් සදහා සලකා බලන්නේ ජාතික මට්ටමේ කුසලාතා නොව අන්තර්ජාතික මට්ටමේ කුසලතාවයන්ය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්ය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සදහා පාදක වන්නේ අන්තර්ජාතික තරගය. එනිසා වැඩි වශයෙන් අන්තර්ජාතික තරග සදහා සහාභාගී වුවහොත් ජාතික මට්ටමේ ශූරතාව කුමක් උවත් ඔහුගේ හෝ ඇයගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ඉහල යන නිසාවෙන් ඉහල අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව තිලිණි මේවන විට පසු වෙන්නේ 118 ස්ථානයෙයි. ඇය අන්තර්ජාතික තරගාවලි 13 ක් නියෝජනය කර තිබෙනවා. අන්තර්ජාතික තරගාවලි 10 කට වඩා ක්‍රීඩා කොට ඇති එකම වත්මන් ලාංකික ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

තිලිණි මුලසිටම මෙවර ඔලිම්පික් සදහා තේරි නොතිබුනත් අවසාන මොහොතේ අවස්තාව ලැබුනේ ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබූ එක් ක්‍රීඩිකාවක් තරගයට සහභාගී නොවන බව දැන්වීමත් සමගයි. එනිසා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටි ලාංකික ක්‍රිඩිකාව වන තිලිණි ජයසිංහ හට එම අවස්ථාව උදා උනා. එනිසා මෙය නීතියට පිටින් නොව 100% ක් නිති ප්‍රකාරව ලබා ගත් අවස්තාවක්. තම උත්සහයෙන් අන්තර්ජාතික තරග සදහා සහභාගී වී මෙම අවස්ථාව ලබා ගැනීම ඇත්තෙන්ම තිලිණිගේ දක්ෂතාව හා කැපවීමයි. යම් හෙයකින් තිලිණි මෙම අවස්ථාව භාර නොගත්තේ නම් එය හිමි වන්නේ වෙනත් රටක ක්‍රීඩිකාවකට මිස ලාංකිකයෙකුට නොවේ. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම පමණක් සලකන නිසා.

නමුත් චන්ද්‍රිකා ද සිල්වා මධ්‍යයය මගින් කියා සිටියේ තිලිණිට වඩා සුදුසුකම් ඇති ක්‍රීඩිකාවන් සිටින බවත් ඇය සහභාගී කරවිම සිදුසු තීරණයක් නොවන බවත්ව. 11 වතාවක් ශුරිය වූ ඇයට එකදු ඔලිම්පික් උලෙලක් හෝ නියෝජනය කිරීමට නොහැකි වීම කනගාටුවකි. නමුත් ඒ සදහා ප්‍රධාන හේතුව ඇය අන්තර්ජාතික තරග අඩු ප්‍රමාණයකට තරග කොට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල තිලිණිට වඩා අඩු ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමයි. ඔලිම්පික් තෝරා ගැනීම් අනුව තිලිණිගේ කැපවීම නොවන්නට මෙවර ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට වන්නේ 6 දෙනෙකුටය. ඒ නිසා අප සැමගේ ප්‍රණාමය ඇයට හිමිවිය යුතුය. කුහක කතා පැතිරවීම පසෙක ලා දැන්වන් දක්ෂ ක්‍රීඩිකාවන් හට වැඩි වශයෙන් අන්තර්ජාතික තරග ලබා දිය හැකි වට පිටාවක් තැනීමට වෙහෙසීම ඉතාමත් වැදගත්.

ලොකුම ප්‍රශ්නය මෙය නොවේ. පැහැදිලිවම ඔලිම්පික් සදහා තිලිණි සුදුසුම ක්‍රීඩිකාව නොවේ. ඊට වඩා 2011 ශූරතාව දුනූ අචලා සුදුසු බව බූඩිගේ හැගීමයි. නමුත් තෝරා ගන්නා ක්‍රමවේදයට අනුව තිලිණි ඉදිරියෙන් සිටියා. 2011 ශූරතාව දිනූ අචලා 2012 වන විට ඔලිම්පික් සදහා සූදානම් කිරීම හැකු නොවූයේ ඇයි? ඇය 2009, 2010, 2011 යන වසර වල ජාතික ශූරතාව පිට පිටම 3 (තුන්) වතාවක් ලබා ගෙන තිබෙද්දීත් 2012 ඔලිම්පික් සදහා ඇය සූදානම් නොකලේ මන්ද? මෙය තිලිණිගේ හෝ අචලාගේ වරදක් නොවන බව පැහැදිලියි, එසේ නම් වැරදුනේ කාටද? කොහේදිද?

Advertisements

7 comments

  1. තිලිණිට මං හිතන්නේ සම්පත් බැංකුවෙන් අනුග්‍රහය දක්වනවා..ලංකාවේ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ සල්ලි වැඩි වෙලා ආතල් එකට සෙල්ලම් කරන්නේ නෑ! අචලාට අනුග්‍රහකයෙක් නැතුව ඇති අන්තර්ජාතික තරඟ සඳහා වෙන වියදම් දරන්න. එහෙම හොයල දෙනවට වඩා වැඩ තියනවනේ දැන් තියන ක්‍රීඩා සංගම්වල පරිපාලකයන්ට!

  2. ලෝකයේ විවිධ රටවල පුරවැසිකම ඇති වැඩිම ක්‍රීඩකයන් පිරිසක් පුහුණු වෙන්නෙ ඇමෙරිකාවේ. ඇමෙරිකන් විශ්ව විද්‍යාලයන්ට ලංකාවේ අය එන්නෙ වැඩියෙන් විද්‍යා පීඨයන් වලට. ඒත් ක්‍රීඩාවකට දක්ෂකම් තියෙනවා නම් වෙනත් පීඨයන්හි හදාරන ගමන් ක්‍රීඩා පිල් වලට තරඟ කරන අයටත් ශිෂ්‍යත්ව එමට. ඒත් ලංකාවේ උසස් පෙළ පාස් කරගන්න බැරි නිසා මෙහෙ කැම්පස් එකකට ක්‍රීඩා ශිෂ්‍යත්වයකින් ඒමට ද නොහැකියි.

    මම කිහිප වතාවක් විවිධ ක්‍රීඩා වලින් මෙහෙ තරඟ වලට ලංකාවේ ක්‍රීඩකයන් ගෙන්වා ගන්න සෑහෙන්න උත්සාහ කළා. ටෙනිස්, පිහිනුම්, ඇවිදින තරඟ සහ වොලිබෝල් වගේ ඒවට. ලංකාවේ ටෙනිස් පුහුණුවක් තියන්න මෙහෙන් අද රොජර් ෆෙඩරර්ගෙ පුහුණුකරුට උගන්වපු අයගෙ පුතාව එවන්නත් එවක ක්‍රීඩා ඇමති ගාමිණි ලොකුගේ ට කතා කරලා බැලුව. පුහුණුකරුවා අඩිඩාස් වගේ ස්පොන්සර් කෙනෙක් ගෙන් වියදම් පියවනු සඳහා මෙහෙන් හදාගෙන එන්නම් කියලත් කිව්ව. ඒත් කිසිම සහයෝගයක් ලැබුනේ නැහැ. ෆ්ලොරීඩාවේ පුහුණුවකට හා අන්තර්ජාතික මට්ටමින් තරඟයකට සහභාගී වෙන්නට මම එන්න උදව් කරපු ලාංකික ක්‍රිඩිකාවක් ඉංග්‍රිසිත් වැඩිය කතා කරගන්න බැරිව ඇවිත් පුහුණුව අවසානයේ තරඟයේ පළමුවැනි තැන දිනාගත්තා. ඒ තරඟයේ දෙවැනි තැන ගත් අය මෙවර ඔලිම්පික් යන්න ඇමෙරිකාවෙන් වරම් ලද්දියක්!!!

    ක්‍රීඩකයන්ට අත දීමෙන් සාක්කුවට වැටෙන ගාණක් නැති නිසයි ඒ ගැන උනන්දුවක් නැත්තෙ. ඒ වගේ නෙමෙයිනෙ පිටරට ලොකු කොම්පැණියක් එක්ක හරි පිටරටක ණයක් එක්ක හරි ගණුදෙනුවක් ගැහැව්වොත් … එතකොට තමයි සාක්කු පිරෙන්නෙ. එතැනයි වැරැද්ද.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )