ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0

Posted on 2012 ඔක්තෝබර් 22

3


කාලෙකට පස්සේ “ගුවන අරා” පෝස්ට් එකක් අරගෙන එන්න තමා බූඩි හදන්නේ. අද ගුවන අරා තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් සදහා නැතුවම බැරි, වටිනා පිරිසක් ගැන. ඒ තමා ගුවන් පාලකවරුන්. Air Traffic Control ලෙස හදුන්වන ගුවන් තදබදය හසුරුවන පිරිස මේ ගණයට අයත් වෙනවා.

ඔක්කොටම කලින් ගුවන් තදබදය හැසිරවීම කියන්නේ මොකක්ද කියලා බලමු, මොකද ඒක තමා මේගොල්ලෝ කරන රාජකාරිය වෙන්නේ.

මහපාර වගේම ගුවනෙත් ගුවන් මාර්ග තිබෙනවා, එ වගේම යම් ගුවන් අවකාශයක් ගත්තම එහි පියාසරන ගුවන් යානා නිසා ඇති වන තදබදය පාලනය කිරීම අනිවාර්යය වනවා. නැතිනම් ගුවන්යානා එකිනෙක ගැටීම වැනි දෑ සිදු වන්න පුලුවන්.

ගුවන් පාලනයේ ප්‍රදාන අරමූනක් වූයේද ගුවන් යානා එකිනෙක ගැටීම වැලැක්වීමයි. නමුත් මිට අමතරව ගොඩබෑම මෙන්ම ගුවන් ගත වීම සදහා අව්ශ්‍යයය නිදහස් කිරීම කිරීම හා උපදෙස් දීම, ගුවන් යානා සමග සම්බන්ධ වී අවශයය උපදෙස් ලබාදීම, කාලගුණික තොරතුරු ලබාදීම ආදී කටයුතු මොවුන් අතින් සිදුවනවා.

මෙම කටයුත්ත ප්‍රධාන කොටස් දෙකකට වෙන්වනවා. එනම් Airport Control හා Area Control ලෙසයි.

Airport/ Terminal Control

ගුවන් තොටුපල තුල හා ඒ හා සමග සම්බන්ධ කටයුතු සිදුවන්නේ මෙම Ground Control නම් කොටස මගිනුයි. ගුවන් තොටුපලවල් අසල ඇති කුලුණු ඔබ දැක ඇති, එම කුලුනු තුල සිටිනා පාලක වරුන් අතින් බොහෝ විට සිදුවන්නේ මෙම කොටසට අයත් කාර්යයන්. ගුවන් යානයක් ගුවන් ගත වීමට හා ගොඩ බෑමට අවසර ලබා දීම හා ඒ සදහා ගුවන් තොටුපල සූදානම් කිරීම මොවුන්ගේ ප්‍රධාන වගකීමයි. ගුවන් යානයක් අදාල දොරටුවෙන් මගීන් නංවා ගත් අවස්ථාවේ සිට මෙහෙයවීමට උපදෙස් ලබා දෙන්නේ මෙම පාලක වරුන් විසිනුයි.

දුරදක්න, රේඩාර්, භූමි රේඩාර්, භුමි සංවේදක ආදිය මොවුන් භාවිතා කරනවා.

මෙම පාලකවරුන්ගේ අවසරය නොමැතිව කිසිදු ගුවන් යානයක් ගුවන් ගත කිරීමට හෝ ගොඩබෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

The copyright on this image is owned by Andy Potter and is licensed for reuse under the Creative Commons Attribution-ShareAlike 2.0 license.

Area Control

රටකට අයිති යම් ගුවන් අවකාශයක් පාලනය කිරීම සිදුවන්නේ මෙම පාලන කොටස තුලිනුයි. ගුවන් අවකාශය තුල ඇති ගුවන් තදබදය පාලනය කරමින්, ගුවන් යානා සදහා පියාසර කල යුතු උස මට්ටම් ලබාදීම මොවුන්ගේ ප්‍රධාන කාර්යය වනවා. මොවුන් බොහෝ විට ගුවන් තොටුපලට නුදුරින් ස්ථානගත වන අතර විශාල රේඩාර් තිර භාවිතා කරමින් අදාල ගුවන් අවකාශය නිරීක්ෂණය කරනු ලබනවා. යම් රටක ගුවන් අවකාශයකට පිවිසෙන ගුවන් යානයක් නිරුපද්‍රිතව එම අවකාශයෙන් පිටව යාමට මොවුන් සහාය වනවා. එසේත් නොමැතිනම් ගොඩබෑමට අවශ්‍යයය උපදෙස් ලබාදෙමින් එය Ground Control කොටස වෙතට යොමු කරනවා.

අපරට තුල අඩි 15,000 ඉහල අවකාශය, එනම් වර්ග නාවික සැතපුම් 600,000 ක් පමණ කලාපයක් මෙමගින් ආවරණය කරනවා.

ගුවන් යානා එකිනෙක ගැටීම වැලක්වීම මෙම පාලකවරුන්ගේ ප්‍රධාන කාර්යයක් වනවා. ඒ සදහා රේඩාර් තිරය පරික්ෂාකරමින් ගුවන් යානා විවිධ උස මට්ටම් වල පවත්වාගැනීමට උපදෙස් දීම සිදු කරනවා.

ගුවන් යානා නියමුවන් මෙම පාලකවරුන් සමග නිරතුරු සංනිවේදනයේ යෙදෙනවා. ගුවන් යානය යම් උස මට්ටමක සිට තවත් උස මට්ටමකට ගෙන ඒමට පෙර නියමුවන් විසින් ගුවන් පාලකගෙන් ඒසදහා අවසර ලබා ගත යුතුයි.

කාලයට පෙර නම් ගුවන් යානා එකිනෙක ගැටීම වැලැක්වීම ගුවන් පාලක වරුන් ගේ ප්‍රමුඛ කාර්යයක් වී තිබුනත් නව තාක්ෂණික උපකරණ මගින් එම කාර්යය මේවන විට සුදු කරනවා. (ඒ ගැනත් ලගදිම බූඩිගේ ගුවන අරා තුලින් කියවන්න පුලුවන්)

මෙම රේඩාර් තිරයන් මත සටහන් වන දත්ත අතර අවම වශයෙන් ගුවන් යානයේ නාමය, වේගය, උස හා ගමන්ගන්නා දිශාව ආදිය සටහන් වනවා. මීට අමතර කාලගුණය, ගුවන් යානයේ සිරස් පිහිටීම, ගමන් මග ආදිය සටහන් විය හැකියි.

ඉතින් ඔන්න ඔය වගේ කාර්යයක් තමා මේ ගුවන් තදබද පාලනය තුලින් සිදුවන්නේ. ඊට අමතරව ඔවුන් අතර සන්නිවෙදනය ගැනත් යමක් සටහන් කරන්න ඕනේ.

සන්නිවේදනය

VHF රේඩියෝ භාවිතා කරමින් එක් සංඛ්‍යාත පරාසයක් තුල මෙම සංනිවේදනය සිදු කරනවා (වෝකි ටෝකි මෙනි, එක් වරකදී කතා කල හැක්කේ එක් අයෙකුට පමණී). සියලු ගුවන් යානා පාලක කුළුණ හා සම්බන්ධ වීම සදහා භාවිතා කරන්නේ එම ක්‍රමවේදයයි. ප්‍රධන වශයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිතා වනවා. ගුවන් යානයක් හදුනා ගැනීමට එහි අංකය යොදා ගන්නවා, එය සදහන් කරමින් අදාල උපදෙස් ලබාදිය හැකියි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා ICAO මගින් ලබාදී ඇති කේතය වන ALK හා අදාල ගුවන් යානා අංකය එකතු වීමෙන් එහි අංකය ලැබෙනවා. මෙය හදුන්වන්නේ Callsign ලෙසයි. උදාහරනයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු BL අංක දරන ගුවන් යානයේ නාමය වන ALK-AL යන්න මෙම සංනිවේදනයේදී හදුන්වන්නේ “ශ්‍රී ලංකන් අල්ෆා ලීමා” ලෙසයි එලෙසම AAL-58DL යන ගුවන් යානය ඇමතීම “ඇමෙරිකන් ෆයිව් එයිට් ඩෙල්ටා ලීමා” ලෙස සිදුකරනවා. එවැනි වචන භාවිතා කරන්නේ පටැලවීමක් නොවී සන්නිවේදනය සිදු කරගැනීමටයි. මෙය ගුවන් යානා හැසිරවීමේ දී පමණක් නොව අදාල සෑම අංශයකම භාවිතා වනවා.

ගුවන් පාලනයෙහි දුර්වලතා නිසා සිදුවූ අනතුරු කිහිපයක් වනවා. ඒවා ගැන ඊලග පෝස්ටු තුලින් ඔබට ගෙන එන්න බූඩි බලාපොරොත්තු වනවා.