ඉන්ටර්කූලර් කියන්නේ මොකක්ද? – රථ ගාය

මැයි 15, 2012

7

ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් […]

පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය !

මැයි 7, 2012

12

කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ […]

ටී-සුනාමියට පසු ලියමි

අප්‍රේල් 11, 2012

8

නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් […]

රෙද්ද හා රෙදි – දන්න දේ

මාර්තු 22, 2012

13

රෙද්ද කියන්නේ නැතුවම බැරි දෙයක්. විලි වහගන්න වගේම, සීතලෙන් බේරෙන්න, එක එක විලාසිතා දාන්න රෙද්ද නැතුවම බෑ. ඒවට විතරද ඇයි හිතේ තියෙන දේ එලියට දාන්න ඕන වෙලාවටත් රෙද්ද නැතුවම බැරි දෙයක්. මේසෙට දාන රෙද්ද මේස රෙද්ද, ඇදට දාන රෙද්ද ඇද රෙද්ද , ජනේලට දාන රෙද්ද ජනෙල් රෙද්ද, ඔය වගේ රෙදි ගොඩයි. කම්බා රෙදි කාටත් මතක ඇතිනේ. ඉස්සර […]

Posted in: දන්න දේ

8 වසරේ ලමයෙකුගේ බ්ලොග් එකක් කියෙව්වෙමි !

මාර්තු 13, 2012

18

පහත සදහන් කරලා තියෙන බ්ලොග් ටික කියවලා බලන්න. පාසැල් ලමුන්ගේ බ්ලොග් ටිකක් තියෙන්නේ. එකක් 8 වසරේ ලමයෙක් ලියලා තියෙන්නේ. මේක ඉතාම හොද ප්‍රවනතාවයක්. පරිසරය මාතෘකාවක් කරන් ඔක්කොම ලියලා තියෙන්නේ එකම සේවාවක් (edublogs.org) භාවිතා කරලා. ඒක නිසා කාගේ හරි මග පෙන්වීමක් ලැබිලා තියෙනවා කියලා හිතන්න පුලුවන්. පාසැල් තුල මේ වගේ දේවල් ගැන ලමයි දැනුවත් කරන, ඔවුන් උනන්දු […]

Tagged:

බල්ලා ගැන

මාර්තු 10, 2012

9

පොඩි අලුත් වැඩක්, ආභාෂය නිහාල් අයියගේ බ්ලොග් එකෙන් ! ලංකාවේ ගොඩාරියක් ගෙවල් වල බල්ලා හුරතලයට ඇති කරන සතෙක්ය. යම් ගෙයක කොල්ලෙක් මෙන් නිදහස උපරිමයෙන් බුක්ති විදින බල්ලා තවත් ගෙයක දම්වැලෙන් බැද දමා ඇති කරනු ලබයි. ගොඩාක් බල්ලන්ට අයිතිකරුවෙක් නොමැත්තේය. මෙනිසා දඩාවතේ යන බල්ලන්ද විශාල වශයෙන් දැකිය හැකි සුලභ දෙයකි. කාලයගේ ඇවෑයමෙන් බලු වෑන එක්ද අභාවයට […]

සිහින කෙලි පොඩ්ඩ – බූඩිගේ විෂ්ලිස්ට් එක

මාර්තු 10, 2012

16

හප්පා මේ දවස් වල අපේ බ්ලොග් අවකාශයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමා මේ බදින්න ඉන්න කෙනා, බැදපු කෙනා ඉන්න/ වෙන්න ඕනේ කොහොමද කියලා දිගට හරහට පෝස්ට් දාන එක. පොඩ්ඩි ගෙයි, මාතලන්ගෙයි, කතන්දරගෙයි කතා ටික අහම්බෙන් කියෝපු බූඩිත් හිතුවා බදින්න කෙනෙක් හොයාගන්න නිකන් ඉන්න එකේ පෝස්ට් එකක් දාන්න කියලා. කතන්දර “විෂ්ලිස්ට්” කියද්දි මතක් වුනේ Drupal පරිවර්ථන වලදි […]