FOSS User වෙත තවත් හිරිකිත වැඩක්

SBU මගින් පවත්වන වාර්ෂික හමුව සදහා ඔවුන් පෝස්ට් එකක් දැම්මා. මමත් ඉතින් මමත් නොවැම්බර් 24 කමෙන්ට් එකක් දැම්මා ගාන ගැන අහලා. මොකද මමත් යන්න හිතාගෙන හිටපු නිසා. ඒ මගේ අනන්‍යතාව යටතේ. ඒ වෙන කොටත් මේ ඉසව්වට අනුග්‍රහය දක්වන්නේ Microsoft Lanka ආයතනය බව දක්වා තිබුනා.

කොහොම හරි ඊයේ මෙන්න මේ කමෙන්ට් එක මගේ නමින් පල වුනා. ඒ මගේ කිසිම අනන්‍යතා සහතිකයක් නොමැතිවයි.

Author: බුද්ධික කුරේරා
Comment:
@prageeth sudusinghe
හරියට හරි මේකෙ සවිධායකවරු Microsoft ලගේ උදව් අරං සිංහල බ්ලොග් ලියන අය ගොනාට අන්දන්න යන්නේ මෙයාලගේ තර්කයට අනුව වැඩේ කර ගන්න ඕන කෙනෙක්ගෙන් උදව් ගත්තට කමක් නෑ. මේක මහා මෝඩ කතාවක්. කොහොමහරි කට්ටිය අල්ලගෙන Microsoft ලා හදන්නේ එයාලගේ වැඩේ කරගන්න. මෙතන තියන ප්‍රශනය මේකේ සංවිධායකලත් මේකට අහු වෙලා තියෙන එක.
මෙම කුමන්ත්‍රනය නිසා මම මේ එක්වීම වර්ජනය කරන අතර FOSS User Magazine එක මෙම රැස්වීම තරයේ හෙලා දකිනවා. මේක ඉතාමත් නින්දිත පහත් වැඩක්. මෙවැනි පහත් වැඩ නැවත නොකරන මෙන් මා ඉල්ලා සිටිනවා.
මීට බුද්ධික කුරේරා කතෘ – FOSS User Magazine

ඔන්න ඉතින් ඊලගට දෝරේ ගලනවා වගේ මට බැනලා කමෙන්ට් දාලා. මට බැන්නට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ගොඩාක් දුක් විදලා පටන්ගත්ත FOSS User magazine එකට මේකෙන් වෙන විනාශය තමා බලා ඉන්න බැරි. කොහොමහරි දැන් වෙන කොට මේ ජංජාලය නිමා වෙලා තියෙන්නේ. සිදුවෙලා තියෙන දේ දැන ගත්තතට පස්සේ කාටත් ඇත්ත තේරුම් යයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙය මා විසින් සිදුනොකල බවත් ඊට පිලිතුරු දක්වා ඇති සගරාවෙ කටයුතු කරන අනෙක් අයගේද නම් ව්‍යාජ ලෙස භාවිතා කර ඇති බවත් කියන්න ඕනේ. මේ ගැන නිල නිවේදනයක් මේ වෙන කොට නිකුත් කර අවසන්.

මේ සදහා පල කර තිබූ සියලු කමෙන්ට්ස් පහත දක්වා ඇති අතර මේ නින්දිත වැඩේ ඉතාමත් පිලිකුලෙන් හෙලා දකිනවා. සියලු විස්තර සගරාවේ දායකත්ව පිටුවෙන් ලබාගෙන ඇති බව පැහැදිලිව පේනවා.

===========================================================================
Author: බුද්ධික කුරේරා
Comment:
@prageeth sudusinghe
හරියට හරි මේකෙ සවිධායකවරු Microsoft ලගේ උදව් අරං සිංහල බ්ලොග් ලියන අය ගොනාට අන්දන්න යන්නේ
මෙයාලගේ තර්කයට අනුව වැඩේ කර ගන්න ඕන කෙනෙක්ගෙන් උදව් ගත්තට කමක් නෑ.
මේක මහා මෝඩ කතාවක්.
කොහොමහරි කට්ටිය අල්ලගෙන Microsoft ලා හදන්නේ එයාලගේ වැඩේ කරගන්න.
මෙතන තියන ප්‍රශනය මේකේ සංවිධායකලත් මේකට අහු වෙලා තියෙන එක.
මෙම කුමන්ත්‍රනය නිසා මම මේ එක්වීම වර්ජනය කරන අතර
FOSS User Magazine එක මෙම රැස්වීම තරයේ හෙලා දකිනවා. මේක ඉතාමත් නින්දිත පහත් වැඩක්.
මෙවැනි පහත් වැඩ නැවත නොකරන මෙන් මා ඉල්ලා සිටිනවා.
මීට බුද්ධික කුරේරා කතෘ – FOSS User Magazine
—————————————————————————————————-
Author: කාලිංග
Comment:
@බුද්ධික කුරේරා
කිසිම ගැටලුවක් නෑ. කිසිම කෙනෙක් බලෙන් ගෙන්න ගන්නේ නෑ. අකමැතිනම් නෑවිත් ඉන්න.
මොකද මේක බ්ලොග් කරුවන්නේ හමුවීමක් මිස FOSS හෝ Windows විකිනීමක් නොව. තමන්ගේ පවුද්ගලික මත මෙතනින් ඉටුකරගන්න අපි ඉඩදෙන්නේ නෑ.
—————————————————————————————————-
Author: හර්ෂදේව ආරියසිංහ
Comment:
අනේ මන්ද මේගොල්ලො ෆොස් දන්නෙත් නෑ, මයික්‍රොසොෆ්ට් දන්නෙත් නෑ, සිංහල තේරෙන්නෙත් නෑ… වලිගෙ පාගගෙනනේ… කවදා හැදෙයිද!
කාලිංග, ගිනිපෙට්ටි සමාගමක් වගේ එකක් හොයා ගන්න බැරිද ස්පොන්සර් කරන්න? 😀
——————————————————————————————————
Author: පැතුම්
Comment:
මට නම් මේක දැක්කහම එකපාරටම හිතුණේ මෙච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බැරුව කොහොමද FOSS වල වැඩ කරන්නේ කියන එක… SBU එක කවදාවත් ඔයවගේ දේවල් ගණන් ගත්තේ නෑ වගේ මේකත් සතපහකට ගනන් ගන්නෙ නැතුව ඉන්නයි තියෙන්නෙ
——————————————————————————————————-
Author: FOSS User
Comment:
කුරේරා මහත්තයා FOSS User Magazine එකේ පිට කවරෙ (අගෝස්තු කලාපෙ) Microsoft එකත් ඉන්න ad එකක් දැම්මෙ මොකෑ මන්ද….. පිනට වෙන්ටෑ නේ?

——————————————————————————————————–
Author: නාරද
Comment:
@බුද්දික
මෙච්චර කුහක වෙන්න එපා, ඔයාලා කොහොමද FOSS වැඩ කරන්නේ මේ වගේ අදහස් තියාගෙන.
මැගසින් එකෙන් ඔයා කරන වැඩේ හොදයි හැබැයි මේ වගේ කතා වලින් ඔයාව අපිට එපා වෙනවා ඇරෙන්න වෙන දෙයක් නම් වෙන්නෑ.
——————————————————————————————————–
Author: ශාකුන්තල
Comment:
@ප්‍රගීත්, @බුද්ධික,
මෙය මෘදුකාංග නිර්මාණකරුවන්ගේ සුහද හමුවක් නොවන බවත් මතක් කරන්න කැමතියි. මෙහිදී අවධානයට ලක් වන්නේ බ්ලොග්කරණය සහ සිංහල භාෂාව. ඒ නිසා Microsoft ආයතනයෙන් අනුග්‍රහය දැක්වීමෙ කිසිම වරදක් නෑ.
මෘදුකාංග නිර්මාණකරණය හෝ තාක්ෂණික පැත්තට බර එවැනි ඉසව්වක් වූවා නම් ඔබ කියන දෙය සලකා බලන්නට පුළුවන්.
——————————————————————————————————–
Author: Kalpa Pathum Welivit
Comment:
Ramindu Deshapriya සමග මාත් එකග වෙනවා.බුද්දික ඔබට තවත් FOSS User හි ඉඩ නෑ.
ඔබ ඉන්නවා නම් අපි ඉල්ලා අස්වෙනවා.මේ කල ප්‍රකාශය ඉතාමත් පිලිකුලෙන් හෙලා දකිනවා.
Kalpa Pathum Welivitigoda – FOSS User
———————————————————————————————————
Author: හර්ෂණ
Comment:
ගියපාරත් Excel world එකේ තියද්දි යන වියදම වැඩියි කියල කීව, මේපාර මේක අල්ලගෙන, ඔය හැමෝම කියන දේවල් කරන්න බෑරි නිසා එන්න කැමති, පුළුවන් අය විතරක් ආවනම් මම සිතනව කාටත් ගැටළුවක් ඇති නොවෙයි කියල.
———————————————————————————————————
Author: Geeth | ගීත්
Comment:
FOSS උනත් Windows උනත් Mac වුනත් ලියන්නෙ Blog.. ඒනිසා මෙතනදි භේද ඇතිකරගතයුතු නෑ…
ලංකාවෙ හොඳවැඩක් කරනවනම් මඩ,ගල් මුල් ප්‍රහාර වගේ දේවල් නැතිවෙන්නෙත් නෑ.. ඒ නිසා admin වරුන් හා මේ හමුව සංවිධායකයින් මෙය ගනන් නොගෙන සිටීම/ මෙවන් දෑ හමුවේ නොසැලී කටයුතු කිරීම වැදගත්..
——————————————————————————————————-
Author: änthräX
Comment:
“සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව” ට සිංහල නොතේරෙන පිරිසක් එකතුවී (හෝ උදැල්ල දැමීමට සෙට් වී) සිටීම හැබෑවටම ශෝකජනක සීන් එකකි. බ්ලොග්කරුවන්ගේ හමුවට FOSS ඇදගන දැගලීම පොල් ගස ගැන රචනාවක් ලියන්නට කී කල පොල් ගසේ බැද උන් හරකාට මාට්ටු කර මැක්කා ගැන ලියූ පොඩි එකා වැනි යැයි ඇගිල්ලෙන් ඇන කියන්න සිදුවීමට තරම් ‘පාථක/උදැල්ල දමන පිරිසගේ බුද්ධි මට්ටම’ අල වී තිබීම ගැන අවංකවම දුක්වෙමි.
FOSS සංකල්පය ‘සැමට නිදහස්ව නොමිලේ’ මිස ‘proprietary භංග වේවා, FOSS බුවාලට ජයවේවා’ නොවන වග FOSS ප්‍රවලිත කිරීමට වෙර දරන (හෝ වෙර දරන බව පෙන්වන) නොදන්නා කොට FOSS ප්‍රවලිත කිරීම තනිකර විහිලුවක් වග අමුතුවෙන් කියාදිය යුතු නොවේ යැයි සිතමි. තනිකර FOSS ඉසව්වක් සදහා වුවත් යම් සමාගමක් අනුග්‍රහය දක්වන්නේ නම් එයින් පෙනෙන්නෙ ඒ සදහා ඔවුන් දක්වන සහය නොවේද?
කල යුත්තේ උදව් කිරීමට අත දිගුකරන්නාගේ කුලගොත නොසොයා ලබාගත හැකි සැමගේ උදව් ලබාගෙන ‘කරන වැඩේ එලටම’ කිරීම නොවේද? වංසෙ කබල් ගාමින් FOSS සංවර්ධනය කෙසේ වෙතත් තමාගේ බුද්ධිය හෝ හැකියාව වර්ධනය වත් කරගැනීමට බැරි බව තේරුම් ගන්න මහා ලොකු බුද්ධි මට්ටමක් උවමනාවක් මම නම් නොදකිමි.
——————————————————————————————————–
Author: Deepika Priyadharsh
Comment:
සියල්ල සමග මාත් එකග වෙනවා.
මෙවැනි ප්‍රකාශයක් කිරීමට බුද්දිකට කිසිම අයිතියක් නෑ. මගේ දායකත්වය ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.
නැවත සගරාවෙහි ඔබ දැකීමට කිසිම ආශාවාක් නෑ. මේ කල ප්‍රකාශය ඉතාමත් පිලිකුලෙන් හෙලා දකිනවා.
මෙමගින් සගරාවට සිදුවූ අප කීර්තිය සලකා කරුනාකර ඉල්ලා අස්වන්න.
——————————————————————————————————–
Author: Kasun Indika
Comment:
අපි මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. බුද්දික ගෙ හැසිරීම හෙලා දකින අතර FOSS User සදහා මින් ඉදිරියට මා සහයෝගයක් ලබා නොදීමට තීරනය කලා. ඔබ සමග වැඩ කිරීම ගැන ලැජ්ජා වෙනවා.
——————————————————————————————————–
Author: චින්තන
Comment:
හරි පුදුම මිනිස්සු තමා.

යමක් තේරුම් ගන්න තරම් මොළයක් නැති මේ මහත්වරු කොහේද ලංකාවෙ නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රචලිත කරන්නෙ?
බිලොග්කරණය සහ මෙම හමුව කියන්නෙ වෙනම දෙයක් මේ දාල තියෙන Comment වෙනම දෙයක්.

මෙහෙම දෙයක් උනානම් ඔවුන් නිවුරදියි කියන්න තිබුනා – ටෙක් කතා වගේ ෆොස් කතා කියල පොඩ්කාස්ට් එකක් තිබුනා කියමුකො එහෙම එකක මෙවැනි හමුවක් තියල එයට මයික්‍රොසොෆ්ට් අනුග්‍රහය ගත්තා නම් අන්න ඒක වැරදියි.
අනිත් එක තමා මෙම හමුවේ අරමුණ සිංහල බ්ලොග්කරුවන් එකිනෙකා හදුනාගන්න පවත්වන වැඩසටහනක් කියල පැහැදිලිවම කියල තියෙනවා.කොට්න්ම කියනවනම් මෙච්චර දවසක් අන්තර්ජාලය හරහා හමුවුන මිතුරන් එකිනෙකා අදුනගන්න කරන දෙයක්.ඔතනට එන අපි කවුරුත් මයික්‍රොසොෆ්ට් දේ ගන්නවත් ඒව බලන්නවත් එන්නෙ නැහැ අපි එන්නෙ යාළුවන් එක්ක කතා කරන්න සහ ඔවුන්ව දැකගන්න විතරයි.අපිට අනුග්‍රහය දක්වන්නෙ කවුද කියන එක වැදගත් නැහැ.
අනික තවත් දෙයක් තමා බ්ලොග්කරුවන් සහ කියවන්නන් අතරේ මයික්‍රොසොෆ්ට් ගැන අමුතුවෙන් ප්‍රචාරයක් දාන්න ඕන නෑනේ…… දවසකට මයික්‍රොසොෆ්ට් මෘදුකාංග ගැන ලිපි කීයක් සිංඩිකේටර් වලට එක්වෙනවද.ඉතිං තව මොනා කියන්නද? මයික්‍රොසොෆ්ට් ගැන නොදන්න බ්ලොග්කරුවෙක් ඉන්නවද?
වෙන වැඩ නැත්තම් – ඔය මහත්වරු එහෙනම් මේම කාර්ය හෙළා දකින්න කලින් ලංකාවෙ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන රටාව හෙළාදකින්න මොකද එය මයික්‍රොසොෆ්ට් පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිසා.ඒ බ්ලොග්කරුවන්ට වඩා වැඩියෙන් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සිසුන් පිරිසක් ඉන්නවා ලංකාවෙ.
——————————————————————————————————-
Author: Maxtina Fernando
Comment:
Ramindu Deshapriya, Kalpa Pathum සමග මාත් එකග වෙනවා.
බුද්දික ඔබට තවත් FOSS User හි ඉඩ නෑ. Editorial Board එක වශයෙන් අපි සියලු දෙනා ඔබගේ ඉල්ලා අස්වීම බලාපොරොත්තු වෙනවා. කරුනාකර අපි මහන්සියෙන් ගොඩ නගා ගත්ත දේ විනාශ කරන්න එපා. ඔබ ඉන්නවා නම් අපි ඉල්ලා අස්වෙනවා. මේ කල ප්‍රකාශය ඉතාමත් පිලිකුලෙන් නැවතත් හෙලා දකිනවා. එ ප්‍රකාශය ගැන FOSS User වෙනුවෙන් මා සමාවා ඉල්ලා සිටිනවා.
Maxtina Fernando – FOSS User
——————————————————————————————————–
Author: ඉන්දරේ
Comment:
කවුරුන්හෝ පිරිසක් අපගේ හමුවට Microsoft ආයතනය අනුග්‍රහය පලකිරීම දඩමීමා කරගනිමින් අවුලක් ඇති කරන්නට උත්සාහ කරන බව පේනවා. ඊයේ දිනයේ මෙහි පලවී තිබූ කමෙන්ට් කීපයක්ම අදාල අය විසින් පල කල ඒවා නොවන වගත්, අනන්‍යතාවය සොරකම් කර නන්නාඳුනන කවුරුන්හෝ පල කල ඒවා බවත් අපට දැනගන්නට ලැබුනා. මේ අනුව අප විසින් ඒවා ඉවත් කර ඇති අතර අදාල පුද්ගලයන්ට හා FOSS User සඟරාවට සිදුවූ අපහසුතාවය පිලිබඳ අප කණගාටු වනවා.
මින් ඉදිරියට මෙහි එම මාතෘකාව පිලිබඳව කිසිවක් කතා නොකෙරෙනු ලබන අතර, හමුව පිලිබඳ දැනගැනීමට ඇති වෙනත් යමක් ඇත්නම් ඒ සඳහා මෙම කමෙන්ටු තීරුව ඕනෑම වේලාවක විවෘතයි.
——————————————————————————————————–
ඔන්න ඔහොමයො මේ පාදඩ වැඩේ කෙලෙවර වුනේ,
මේක දාපු අයට ඕන වුනේ
1) SBU හා FOSS User magazine අතර ප්‍රශ්නයක් ඇති කරන්න.
2) FOSS User magazine හා මාව අපහසුතාවයට පත් කරන්න.
3) මාව ඉන් ඉවත් කරන්න

හැබැයි මම මේකෙන් දකින්නේ අපේ සගරාවේ දියුනුව. “”පල ඇති රුකට ගල් ගහන්නේ”” කියලා කිව්වේ කට කහනවට නෙමේනේ,
දැනට ලංකාවේ ඇති FOSS ප්‍රජා අතරින් FOSS User Magazine Society (FUMS) විශේෂ වන්නේ එය මනා සංවිධානයකින් කටයුතු කරගෙන යන නිසා. දැනට එය සමාජ සුභසාධන අමාත්‍යංශයේ ලාභ අරමුනු කර නොගත් ආයතනයක් ලෙස ලියාපදිංචියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි ශක්තිමත් මූල ඇති මේ ගසට ගල් ගැහුවට වැඩක් වෙන්නෑ කියලා මතක් කරමින් මේක ඉවර කරනවා.
ඉතින් මොකද ඕගෙල්ලෝ හිතන්නේ ???????????????????????

ප්‍රතිචාර 9ක්

  1. ඉතින් ඔක Ip එකෙන් අල්ලන පුලුවන් නේ ඔයාගෙ Ip එක එක්ක සසදලා. අනික ඔයා නෙමෙයිනම් දැම්මේ.
    එක දැන් sbu එකේ අය එක දන්නවනම් එතන කොමෙන්ට් තිරැවේ හෝ වෙනත් අයරිකින් ඔයාගෙන් හරිනම් සමාව ඉල්ලන ඕනේ මේ ගැන කියලා. නේද ? (අනිත් අයටත් පෙන්නම) ඔය වැඩේ කරේ එයාලම වෙන්න ඇති.

    ඔකට විතරක් නෙමෙයි ඔය හැම සිංඩියටම Sponce කෙනෙක් ඉන්නවනේ. Sponceලාගේ බ්ලොගය සිංඩියට දා ගත්තාම ඇති. සිංඩියේ දැන්විම් දාන්න අවශ තාවක් නැ. තව පොඩි පොඩි වැඩත් කරනවා. ඔවා ගැන කතා කරලා වැඩක් නැ.

  2. මේ වගේ අය නිසයි අපි අතර තියන සබැඳියාව නැති වෙලා ගහමරා ගැනිලි වෙන්නෙ.ඒ නිසා මින් ඉදිරියට ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.
    අනුන්ගෙ පටු අරමුණු වල ඉලක්ක වෙන්න ඒපා!

    ජයෙන් ජය!

Geeth | ගීත් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න